තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනයට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 10ක ප්‍රදානයක්

​ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර තිරසර වෙළෙඳ සබඳතා වර්ධනය කරගැනීම සඳහා යුරෝ මිලියන 10ක ප්‍රදානයක් ලබා ගැනීමට අදාළ මූල්‍ය ගිවිසුමට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.​මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ හරිත සංක්‍රාන්ති මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම සහ දේශගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දෙන වෙළෙඳ භාවිතයන් මෙරට තුළ ස්ථාපිත කිරීමයි. එමෙන්ම වෙළෙඳ ක්ෂේත්‍රයේ නිරත ආයතනවල ධාරිතාව ඉහළ නැංවීමට ද මෙයින් අපේක්ෂා කෙරේ.​මීට අමතරව, යුරෝපා සංගම් වෙළෙඳපොළට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීමට ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහාය මෙමඟින් හිමිවනු ඇත.​වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් වසර හතරක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තැබීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවිය.

What's your reaction?

Related Posts

1 of 1,406

Leave A Reply

Your email address will not be published. Required fields are marked *