රටේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට: මර්දන වැඩසටහන්වල අසාර්ථක බවට වෛද්‍ය සංගම් චෝදනා

රට තුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය වත්මන් වැඩසටහන් මගින් පාලනය කිරීමට නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දෙයි. මේ වන විට රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත්, පවතින ක්‍රමවේදයන් එම තත්ත්වය පාලනය කිරීමට අසමත් වී ඇති බවත් එම සංගමය අවධාරණය කරයි.​ජූලි මස මුල් සතිය අවසන් වන විට මෙරට අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාප සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ යාම බරපතල තත්ත්වයක් බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි. වසරේ මුල් මාස හය තුළ ඩෙංගු මරණ 32ක් වාර්තා වී තිබියදී, ජූලි මාසයේ මුල් සතිය තුළ පමණක් මරණ 15ක් වාර්තා වීම මෙම වසංගත තත්ත්වයේ බරපතලකම පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දෙයි.​මෙම අර්බුදය පාලනය කිරීම සඳහා බිම් මට්ටමේ තීරණ ගැනීම මන්දගාමී වී ඇති බැවින්, ජනාධිපති කාර්ය සාධක බළකායක් වැනි ඉහළ මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍ය බව වෛද්‍ය සංගමය අවධාරණය කරයි. නිසි පියවර නොගතහොත් 2017 වසරේ පැවති බරපතල තත්ත්වය යළි ඇති විය හැකි බවට ඔවුන් බලධාරීන්ට අනතුරු අඟවා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,237

Leave A Reply

Your email address will not be published. Required fields are marked *