සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ සමීප සාමාජිකයෙකු ලෙස සැකකෙරෙන ‘රත්මලානේ සයිමා’ නමැත්තා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට අවසර ලබා දී තිබේ. මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ දිවයිනට රැගෙන එන ලද මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊයේ රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.ප්‍රධාන සැකකරු සමඟ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන තවත් පුද්ගලයින් දෙදෙනෙකුද පොලිස් භාරයට ගෙන තිබේ. විමර්ශනවල ප්‍රගතිය මත මෙම පිරිසෙන් අනෙක් පුද්ගලයින් සම්බන්ධයෙන්ද ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සෙසු සැකකරුවන් දෙදෙනා අද (11) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වේ.



























