දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ආරම්භ කළ කළු විරෝධතා සතියට සමගාමීව, ඔවුන් අද (16) මුල් වරට කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබේ. ආචාර්යවරුන්ගේ දැඩි හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 09 වන දා ද ඔවුහු සංකේත වර්ජනයක නිරත වූහ.මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වෙත සාකච්ඡාවක් ලබා දී ඇත.



























