රුසියාවේදී අත්අඩංගුවට ගත් ‘රොටුඹ අමිල’ දිවයිනට

රුසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘රොටුඹ අමිල’ නමැත්තා අද (20) දිවයිනට රැගෙන විත් තිබේ. මොහු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව ගොස් තිබූ බව වාර්තා වේ.​මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු බව පොලිසිය පවසයි. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඔහු දැඩි ආරක්ෂාව මධ්‍යයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,431

Leave A Reply

Your email address will not be published. Required fields are marked *