ලංකා බැංකුවෙන් “BOC Flex – Tap & Pay” සේවාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක්කරමින්, ජංගම බැංකුකරණ පසුම්බියක් (Mobile Banking Wallet) පදනම් කරගත් දිවයිනේ ප්‍රථම “BOC Flex – Tap & Pay” ස්පර්ශ රහිත ගෙවීම් සේවාව ලංකා බැංකුව (BOC) විසින් පසුගියදා දියත් කරන ලදී. NFC තාක්ෂණය සහිත POS යන්ත්‍ර හරහා ඉතා ආරක්ෂිතව සහ පහසුවෙන් ගනුදෙනු කිරීමට මෙයින් අවස්ථාව සැලසේ. අන්තර්ජාලය ආශ්‍රිත Virtual කාඩ්පත් තාක්ෂණයෙන් සමන්විත මෙම ඩිජිටල් පසුම්බිය තුළ ශේෂය මදි වන අවස්ථාවලදී, සම්බන්ධිත බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව මුදල් ලබාගන්නා ‘Auto Top-up’ පහසුකමද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.​මෙම නවතම BOC Flex App එක හරහා පාරිභෝගිකයන්ට තමන්ගේ Virtual කාඩ්පත් තුනක් දක්වා කළමනාකරණය කිරීමටත්, අවශ්‍යතාවය අනුව ක්ෂණිකව කාඩ්පත් අත්හිටුවීමට හෝ නැවත සක්‍රීය කිරීමටත් පූර්ණ පාලනය හිමිවේ. මීට අමතරව සාමාන්‍ය බිල්පත් ගෙවීම්, මුදල් හුවමාරු කිරීම් සහ BOC ක්‍රෙඩිට් කාඩ්පත් පියවීම් වැනි එදිනෙදා බැංකු කටයුතු රැසක්ද මෙමඟින් ඉටුකරගත හැකිය. මෑතකදී සිංගප්පූරුවේ පැවති 2026 Digital CX සම්මාන උළෙලේදී පවා ඇගයීමට ලක්වූ මෙම යෙදුම, මෙරට මුදල් රහිත ගනුදෙනු සංස්කෘතිය සහ ජාතික ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා ගත් වැදගත් පියවරකි.​මෙම සේවාව නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා ප්‍රකාශ කළේ, ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු මූල්‍යමය වශයෙන් දියුණු ආර්ථිකයක් රට තුළ බිහිකිරීම බැංකුවේ ප්‍රධාන අරමුණක් බවයි. එමෙන්ම පාරිභෝගික ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ ඉහළ ඩිජිටල් බැංකු අත්දැකීමක් සමීප කරවීම වෙනුවෙන් මෙම නවෝත්පාදනය හඳුන්වා දුන් බව ලංකා බැංකුවේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,230

Leave A Reply

Your email address will not be published. Required fields are marked *