ලාෆ්ස් ගෑස් මිලත් පහළට

දේශීය වෙළෙඳපොළේ ලාෆ්ස් (Laugfs) ගෘහස්ථ ගෑස් මිල සැලකිය යුතු මුදලකින් පහත දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ. ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.​ඒ අනුව, මෙතෙක් පැවති මිල ගණන් වෙනස් කරමින් කිලෝග්‍රෑම් 12.5ක ප්‍රධාන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,965ක් ලෙස සටහන් වේ. මීට අමතරව, කිලෝග්‍රෑම් 5ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 512කින් පහත දමා ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 1,988ක් දක්වා අඩු වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,258

Leave A Reply

Your email address will not be published. Required fields are marked *