රට තුළ පවතින අධික ගෑස් ඉල්ලුමට සහනයක් ලබා දෙමින් අද (27) දිනයේ සිට දිවයින පුරා ලිට්රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් බෙදා හැරීමට පියවර ගෙන තිබේ. ඔක්තෝබර් 22 සහ 26 යන දිනයන්හි මෙරටට පැමිණි ගෑස් නැව්වලට අමතරව, මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් සහිත ‘GOODWILL’ නමැති නෞකාව ද පසුගිය 24 වැනිදා මෙරටට ළඟා වී ඇත.ඒ අනුව ගෑස් බෙදාහැරීමේ ක්රියාවලිය කඩිනම් කර ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයන්ට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා ගැනීමට හැකි වන බව ලිට්රෝ සමාගම සහතික වෙයි.



























