ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් හෙට වන විට වෙළෙඳපොළට

වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සපිරීම සඳහා හෙට (27) වන විට රට පුරා ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි.​පාරිභෝගික අවශ්‍යතා සලකා බලමින් ගෑස් සැපයුම කඩිනම් කර ඇති අතර, ඔක්තෝබර් 22 වන දා පැමිණි ගෑස් නෞකාවට අමතරව මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් සහිත ‘GOODWILL’ නෞකාව ද ඉකුත් 24 වන දා මෙරටට ළඟා විය. මීට අමතරව තවත් ගෑස් නෞකාවක් අද (26) දිනයේදී දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ.​ඔක්තෝබර් 22 වන දා මෙරටට ළඟා වූ නෞකාවේ අඩංගු ගෑස් තොගය ඇසුරින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් ඔක්තෝබර් 23 සිට 25 දක්වා කාලය තුළ දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කර ඇත. ඒ අනුව ඉදිරි දිනවලදී පාරිභෝගිකයන්ට කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාගැනීමට හැකි බව සමාගම වැඩිදුරටත් තහවුරු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,396

Leave A Reply

Your email address will not be published. Required fields are marked *