දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු කර තිබේ.ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ තවලම, කළුතර දිස්ත්රික්කයේ මිල්ලනිය, බුලත්සිංහල, බේරුවල සහ මදුරාවල, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල, අරණායක, යටියන්තොට සහ මාවනැල්ල, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව කෝරළය සහ නොර්වුඩ් මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත සහ පැල්මඩුල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.තවද, වඩාත් අවදානම් සහිත ප්රදේශ ලෙස කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, අයගම සහ රත්නපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ (තැඹිලි) පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින් එම ප්රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දෙයි.



























