ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතයන්හි පවතින අස්ථාවරත්වය හමුවේ වුවද, මැයි මාසය සඳහා සිය ගෘහස්ථ ගෑස් මිල ඉහළ නොදැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර ඇත. ජීවන වියදම ඉහළ යමින් පවතින පසුබිමක පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් සමාගම මෙම පියවර ගෙන තිබේ.ඒ අනුව, වෙළඳපොළේ දැනට පවතින මිල ගණන් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන අතර කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,765.00 කට මිලදී ගත හැකිය. මීට අමතරව කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,910.00 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 890.00 ක් ලෙසත් කිසිදු වෙනසකින් තොරව ඉදිරි මාසයේදී ද පවතිනු ඇත.

























