උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ අතර ධාවනය යළි ඇරඹේ

පසුගිය කාලයේ ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට ගම්පොළ දක්වා වන දුම්රිය ධාවන කටයුතු අද (02) සිට යළි ආරම්භ කෙරේ. කුණාටුවෙන් මාර්ගයේ ස්ථාන 103 කට පමණ දැඩි හානි සිදුවීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබුණි.​ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රමානුකූලව සිදුකෙරෙමින් පවතින අතර, මේ වන විට උඩරට මාර්ගයෙන් 75% ක පමණ ප්‍රදේශයක සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු වේ. කෙසේ වෙතත්, පේරාදෙණිය කළු පාලමේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් අවසන් වී නොමැති බැවින් මහනුවර සහ මාතලේ දෙසට දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කර ඇත.​අද දින සිට කොළඹ කොටුව සහ ගම්පොළ අතර නව කාලසටහනකට අනුව නගරාන්තර දුම්රිය ඇතුළු දිනකට දුම්රිය ගමන්වාර 8 ක් ක්‍රියාත්මක වේ. මගීන්ගේ පහසුව සඳහා මේ සඳහා කලින් ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සපයා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *