වත්තල වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේදී අසුවී මෙරටට පිටුවහල් කෙරේ

පසුගිය ජූලි 23 වනදා වත්තල ප්‍රදේශයේ හෝටලයක පැවති උපන්දින සාදයකට කඩාවැදී වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ භාරයට පත්ව තිබේ.​මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන 30 හැවිරිදි මහේෂ්වරන් ලුසිනාත් සහ 34 හැවිරිදි ගනේෂන් විග්නේෂ්වරන් නමැති පුද්ගලයින් දෙදෙනෙකි.​ඉන්දීය බලධාරීන් විසින් ඊයේ (13) පස්වරු 4.15 ට පමණ චෙන්නායි නුවර සිට පැමිණි ගුවන් යානයකින් මොවුන් දෙදෙනා මෙරටට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ පිළිබඳව ලැබුණු පූර්ව දැනුම්දීමකට අනුව, කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගුවන් යානය දිවයිනට ළඟා වීමත් සමඟම මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී.​ගුවන් තොටුපොළ CID නිලධාරීන් විසින් සැකකරුවන්ගෙන් මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීම සඳහා ඔවුන් දෙදෙනා දැඩි ආරක්ෂාව යටතේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *