වසර 121කට පසු ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්

ස්පාඤ්ඤය ඇතුළු රටවල් කිහිපයකට අගෝස්තු 12 වැනිදා පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වන බව නාසා ආයතනය තහවුරු කරයි. 1905 වසරෙන් පසු ස්පාඤ්ඤයට දර්ශනය වන ප්‍රථම පූර්ණ සූර්යග්‍රහණය මෙය වන අතර, ඊට අමතරව ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, රුසියාව සහ පෘතුගාලයේ ඇතැම් ප්‍රදේශවලට ද මෙය පැහැදිලිව දැකගත හැකි වනු ඇත.​පූර්ණ සූර්යග්‍රහණයකදී සඳ මගින් සූර්යයා මුළුමනින්ම ආවරණය වන බැවින්, දහවල් කාලයේදී වුවද අහස සන්ධ්‍යා කාලයක මෙන් අඳුරු ස්වභාවයක් ගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිසරයේ උෂ්ණත්වය වෙනස් වන අතර සතුන්ගේ හැසිරීම්වල ද යම් යම් වෙනස්කම් සිදුවන බව නිරීක්ෂණය කළ හැකිය.​පසුගිය වසර කිහිපය තුළ ද පූර්ණ සූර්යග්‍රහණ කිහිපයක්ම ලොව විවිධ කලාපවලට දර්ශනය විය. ඒ අනුව 2019 වසරේදී චිලී රාජ්‍යයට ද, 2021 වසරේදී ඇන්ටාක්ටිකාවට ද, එසේම 2024 වසරේදී ඇමෙරිකාව සහ මෙක්සිකෝව යන රටවලට ද මෙවැනි පූර්ණ සූර්යග්‍රහණ දැකගැනීමට අවස්ථාව හිමි විය.

What's your reaction?

Related Posts

1 of 898

Leave A Reply

Your email address will not be published. Required fields are marked *