ගතවුණු පැය කිහිපය තුළ දිවයිනෙන් වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වන අතර, එහි අගය මිලිමීටර් 104ක් ලෙස සටහන්ව ඇත.මීට අමතරව කෑගල්ලේම කළුපහන ප්‍රදේශයෙන් මි.මී. 95.5ක් සහ නුවරඑළියේ මස්කෙළිය ප්‍රදේශයෙන් මි.මී. 85.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ. එපමණක් නොව, කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයට මි.මී. 85.0ක් සහ රත්නපුරේ දම්මුල්ල ප්‍රදේශයට මි.මී. 82.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



























