ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ සිසුන් අද (27) පෙරවරුවේ පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත විය. තමන් මුහුණ දෙන අධ්‍යයන ගැටලු සහ සුභසාධන පිරිහීමට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. විශේෂයෙන්ම පාලනාධිකාරියේ පවතින උදාසීන පිළිවෙත හේතුවෙන් සිය අනාගතය අඳුරු වී ඇති බවට සිසුන් මෙහිදී දැඩි ලෙස චෝදනා කළහ.සිසුන් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලයේ පවතින අර්බුද පිළිබඳව සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂඥ කමිටු වාර්තාව, පසුගිය 2025 ජූලි මස 02 වැනිදා අග්‍රාමාත්‍යවරිය වෙත නිල වශයෙන් භාර දී ඇති බවයි. එම වාර්තාව ඉදිරිපත් කර මේ වන විට මාස කිහිපයක් ගත වී ඇතත්, එහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව විරෝධතාකරුවන් අවධාරණය කරයි. මෙම ප්‍රමාදය හේතුවෙන් දෛනික දේශන කටයුතු පවා බරපතල ලෙස කඩාවැටී ඇති බව ශිෂ්‍ය සංගමය පවසයි.අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත සිසුන් සඳහන් කර සිටින්නේ කමිටු නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කර තමන්ට සාධාරණය ඉටු කරන තෙක් මෙම විරෝධතාවය අත්නොහරින බවයි. පවතින ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් සටන අඛණ්ඩව ගෙන යන බවට ද සිසුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි. සිද්ධිය හේතුවෙන් අද පෙරවරුවේ ඉසුරුපාය අවට මාර්ගවල රථවාහන ගමනාගමනයට ද යම් බාධා එල්ල විය.

























