විදුලි බිල යළිත් ඉහළට? ගාස්තු 20% කින් වැඩි කිරීමේ සූදානමක්

මෙරට විදුලි ගාස්තු 20% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නැංවීමේ නව යෝජනාවක් ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම (NSO) විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබේ. 2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට අමතරව, මසකට ඒකක 90 ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයන් වෙනුවෙන් රුපියල් කෝටි 1500 ක සහ සහනාධාරයක් ලබා දීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් දැරීමට සිදුවන පිරිවැය ද මෙම ගාස්තු සංශෝධනය හරහා පියවා ගැනීමට අපේක්ෂිතය.​මෙම මස මුලදී ක්‍රියාත්මක වූ 10% ක ගාස්තු වැඩිවීමට අමතරව නව යෝජනාව ද අනුමත වුවහොත්, වසරේ ඉදිරි කාලය තුළ සමස්ත විදුලි බිල 30% කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ. මීට පෙර දෙවන කාර්තුව සඳහා ඉදිරිපත් කර තිබූ 15% ක වැඩිකිරීමේ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබුණ ද, වත්මන් පිරිවැය ඇස්තමේන්තු අනුව මෙම නව සංශෝධනය ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ඉදිරි මාස කිහිපය තුළ පාරිභෝගිකයන්ට ගෙවීමට සිදුවන විදුලි පිරිවැය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,117

Leave A Reply

Your email address will not be published. Required fields are marked *