විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් අතර විශේෂ සාකච්ඡාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මිය (Isabelle Martin) අතර විශේෂ හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබේ. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කරගනිමින් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.​මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින සාර්ව ආර්ථික අභියෝග මෙන්ම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ සිදු වූ දේපළ හා ජීවිත හානි ඇතුළු විනාශයන් පිළිබඳව කැනඩා මහකොමසාරිස්වරියගේ විශේෂ අවධානය යොමු විය. පවතින තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වී තිබේ.​දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා කැනඩාව අනුගමනය කරන ශක්තිමත් සහ ප්‍රගතිශීලී ක්‍රමවේද, ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණය සහ සංවර්ධන උපායමාර්ග පිළිබඳව විපක්ෂ නායකවරයා මෙහිදී සිය ඇගයීමට ලක් කළේය. එමෙන්ම එම සාර්ථක පියවරයන් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දායක කරගත හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

What's your reaction?

Related Posts

1 of 1,155

Leave A Reply

Your email address will not be published. Required fields are marked *