අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අද (12) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට නියමිතව තිබේ.මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දිනයේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා පැමිණියේය.අදාළ නඩු විභාගයේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.



























