ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ආරාධනයකට අනුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස හෙට (08) දිනයේදී ඒ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබීම කැපී පෙනෙන සිදුවීමකි.දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව, මෙම රාජ්‍ය සංචාරය අතරතුර ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි දෙරටේ අභිවෘද්ධිය උදෙසා වැදගත් වන නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද නායකයන් දෙපළ අත්සන් තැබීමට නියමිතව ඇත.එම ගිවිසුම් පහතින්,ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාම් සමාජවාදී ජනරජයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

























