එළැඹෙන වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් දන්සැල් සංවිධානය කරන පිරිස් සඳහා වන ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සඳුදා (04) දින සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරයි. දිවයින පුරා විසිරී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාල මට්ටමින් මෙම කටයුතු සිදු කෙරෙන බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කළේය. පොදු ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.මෙවර දන්සැල් පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබාගත හැකිය. පසුගිය මැයි 01 වැනිදාට යෙදී තිබූ අධි වෙසක් පොහොය දින ද දිවයින පුරා ලියාපදිංචි දන්සැල් 382ක් සාර්ථකව පවත්වා තිබුණි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර වෙසක් උත්සවය සැමරීම සඳහා සංවිධායක මණ්ඩලවල සහාය අපේක්ෂා කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි රජය විසින් මෙවර වෙසක් පොහොය දිනය ලෙස මැයි මස 30 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, එදිනට දන්සැල් පැවැත්වීමට සැලසුම් කරන සියලුම පාර්ශවයන්ට නියමිත දින සිට ලියාපදිංචි විය හැකි බව නිවේදනය කෙරේ. ජනතාවට පිරිසිදු හා ගුණාත්මක ආහාර සැපයීම සහතික කිරීම මෙම ක්‍රියාවලියේ මූලික අරමුණ වී තිබේ.

























