උදාවී ඇති වෙසක් උත්සව සමයේ ගම්බිම් බලා යන සහ වෙසක් කලාප නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවන් රැසක් ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇත. මේ යටතේ කොළඹ කොටුව කේන්ද්‍ර කරගනිමින් සියලුම පළාත් ආවරණය වන පරිදි අතිරේක බස් රථ ධාවනයට එක්කර ඇති අතර, වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාව උදෙසා විශේෂිත ප්‍රවාහන සැලසුම් ද ක්‍රියාවට නංවා තිබේ.මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වෙසක් නිවාඩු දින වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්ම ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. උත්සව සමය අවසානයේදී ජනතාවට යළිත් සුපුරුදු පරිදි තමන්ගේ රැකියා ස්ථාන සහ නිවෙස් බලා පහසුවෙන් පැමිණීම සඳහා කොළඹ දෙසට අමතර බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට ද ප්‍රවාහන බලධාරීන් පියවර ගෙන තිබේ.



























