වෛද්‍ය චන්දික එපිටකඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) 2026/2027 වර්ෂය සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (27) පැවැත්විණි. එම රැස්වීමේදී සංගමයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා නිතරඟයෙන් තේරී පත් වූ අතර, නව ප්‍රධාන ලේකම්වරයා ලෙස වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ මහතා තෝරාගෙන ඇත.​පත්වීම් ලැබූ මෙම නව නිලධාරී මණ්ඩලය, ඉදිරි වසරක කාලය තුළ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු මෙන්ම වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරනු ඇත. වෛද්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ඔවුන් අඛණ්ඩව කැපවන බව ද එම සංගමය සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,208

Leave A Reply

Your email address will not be published. Required fields are marked *