වෛද්‍ය සේවය බෙදා වෙන්කිරීමේ දේශපාලන උත්සාහයන්ට එරෙහිව GMOA දැඩි ක්‍රියාමාර්ගවලට

නිදහස් සෞඛ්‍ය සේවාව තුළ වෛද්‍ය කාණ්ඩ අතර අසමගියක් ඇති කරමින් එය අර්බුදයකට ලක් කිරීමට ක්‍රියාත්මක වන දේශපාලන උත්සාහයන්ට එරෙහිව දැඩි ලෙස පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අරමුණින් මීට පෙර ‘ශ්‍රී ලංකා වෛද්‍ය සේවය’ නමින් ඒකාබද්ධ නව සේවා කාණ්ඩයක් හා වැටුප් ව්‍යුහයක් සැකසීමට එකඟතාව පළ කර තිබුණි. 2026 අයවැය හරහාද එම යෝජනාවට සහතික වී තිබූ බව එම සංගමය පෙන්වා දෙයි.​කෙසේ වෙතත්, එම එකඟතාවලට පටහැනිව විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් පමණක් වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇති බවත්, එය වෛද්‍යවරුන් අතර බෙදීම් නිර්මාණය කිරීමට හේතු වන බවත් GMOA චෝදනා කරයි. මෙවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග නිසා අවසානයේදී බරපතළ ලෙස බලපෑම් එල්ල වන්නේ රෝගී සත්කාර සේවාවන්ට සහ සමස්ත නිදහස් සෞඛ්‍ය පද්ධතියට බව ඔවුන් අවධාරණය කරනු ලබයි.​මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිය වාචික මෙන්ම ලිඛිත විරෝධතාවද අදාළ කමිටුව වෙත දැනටමත් ඉදිරිපත් කර ඇත. එසේ වුවද, එම කමිටු වාර්තාවේ නිල පිටපතක් ලබා දෙන ලෙස කළ නිරන්තර ඉල්ලීම් බලධාරීන් විසින් මෙතෙක් ඉටු කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,307

Leave A Reply

Your email address will not be published. Required fields are marked *