ශ්‍රීලංකන් හිටපු සභාපති නඩුවේ විමර්ශන ඉක්මනින් අවසන් කරන ලෙසට නියෝගයක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.​2014 වසරේදී ගුවන්යානා ගමන් මාර්ග අත්තනෝමතික ලෙස වෙනස් කර රජයට ඩොලර් දහස් ගණනක පාඩුවක් සිදුකිරීම මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 1.25ක රාජ්‍ය මුදල් අයථා ලෙස භාවිත කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. අල්ලස් කොමිසමේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම නඩුව යළි දෙසැම්බර් 08 වන දින කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,260

Leave A Reply

Your email address will not be published. Required fields are marked *