ශ්‍රීලන්කන් හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන යළි රක්ෂිත බන්ධනාගාරයට

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) තීරණය කළේය. ඒ අනුව, එයාර් බස් ගනුදෙනුවකට අදාළව චෝදනා ලබා සිටින ඒ මහතාව ලබන අප්‍රේල් 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කරන ලදී.​මෙම නඩු විභාගයට පාදක වී ඇත්තේ 2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් එයාර් බස් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකි. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන මෙතෙක් අවසන් නොමැති වීම සලකා බලා මෙලෙස ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,100

Leave A Reply

Your email address will not be published. Required fields are marked *