හෙට (17) දින දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, අදාළ කාලගුණ තත්ත්වය හේතුවෙන් දහවල් කාලයේදී සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.මෙම උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ සෙවණ සහිත ස්ථානවල රැඳී සිටීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම වැඩිහිටියන්, රෝගීන් මෙන්ම කුඩා දරුවන් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, දරුවන් කිසිවිටෙකත් වාහන තුළ තනිකර දමා යාමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය.එමෙන්ම, අධික වෙහෙස ගෙන දෙන කටයුතු සීමා කරමින් සිරුරට සැහැල්ලු සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කිරීමට කටයුතු කරන්න. උණුසුම් කාලගුණයේ බලපෑමෙන් තොරව දිනපතා කටයුතු පවත්වාගෙන යාම සඳහා කාලගුණ දෙපාර්තමේන්තුව ලබා දී ඇති මෙම උපදෙස් නිසිපරිදි පිළිපැදීම වැදගත් වේ.



























