ශ්‍රී ලංකාව භූ දේශපාලනික කෙළිබිමක් වීමට ඉඩ නොදෙන බව සජිත් ප්‍රේමදාස පවසයි

රටේ පවතින වත්මන් තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකාව භූ දේශපාලනික වශයෙන් අතකොළුවක් කර ගැනීමට විවිධ බාහිර පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. තිස්සමහාරාම, පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ සංවිධානය කර තිබූ රුහුණු වෙසක් මහා පෙරහැර මංගල්‍යයට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව අවධාරණය කළේය.​එවැනි විදේශීය හෝ බාහිර බලවේගවල බලපෑම්වලට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත්, රටේ අභ්‍යන්තර ස්වාධීනත්වයට හානි කිරීමට කිසිවෙකුට ඉඩ නොතබා ජනතාව ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම, බාහිර බලපෑම්වලින් තොරව රට ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ ශක්තිමත් ආර්ථික, දේශපාලන මෙන්ම සංස්කෘතික ස්ථාවරත්වයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක් බවද ඔහු සඳහන් කළේය.​වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපාය මාර්ග අහිමි වී සමස්ත ජන ජීවිතයම දැඩි පීඩාවකට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, මෙවැනි අසීරු වටපිටාවක වුවද රටේ සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සහ දේශපාලන නිදහස ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමට සියලු දෙනා එක්විය යුතු බව වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,164

Leave A Reply

Your email address will not be published. Required fields are marked *