ශ්‍රී ලංකාව සහ මොංගෝලියාව අතර පාරිසරික සහයෝගිතාව ශක්තිමත් වෙයි

UNCCD COP17 සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ මොංගෝලියාවේ පරිසර හා දේශගුණික විපර්යාස අමාත්‍ය සැන්ඩාග්-ඔචිර් සෙන්ඩ් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී සමුළුව සාර්ථක කර ගැනීම සඳහා මොංගෝලියානු රජය දරන උත්සාහය අගය කළ ශ්‍රී ලංකා අමාත්‍යවරයා, ඒ සඳහා තම රටේ පූර්ණ සහයෝගය පළ කළේය.​භූමි හායනය, නියඟය, සහ ජල හිඟය වැනි දෙරටටම පොදු පාරිසරික අභියෝග ජය ගැනීම සඳහා තාක්ෂණය, දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැදගත්කම නායකයෝ දැඩි ලෙස අවධාරණය කළහ. ඒ අනුව, තිරසර භූමි හා ජල කළමනාකරණය, වන සංරක්ෂණය මෙන්ම 2030 වන විට LDN ඉලක්ක සපුරා ගැනීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟතාව පළ විය.​දේශගුණික මූල්‍ය පහසුකම් පුළුල් කිරීම සහ UNEA-8 ඇතුළු ජාත්‍යන්තර සංසදවලදී දෙරටේ හඬ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙම හවුල්කාරීත්වය ආසියා-පැසිෆික් කලාපයේ පාරිසරික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ සංවර්ධන වෙමින් පවතින රටවල අයිතිවාසිකම් රැක ගැනීමට කදිම රුකුලක් වනු ඇති බව අමාත්‍යවරු සඳහන් කළහ.

What's your reaction?

Related Posts

1 of 1,304

Leave A Reply

Your email address will not be published. Required fields are marked *