සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශය සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 205ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ හංසිමා කරුණාරත්න ලකුණු 54ක් සහ ඉමේෂා දුලානි ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් රිටු මොනි ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙලූවාය.ලකුණු 206ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 48යි පන්දු 3ක් තුළ කඩුලු 7ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සනාථ කර ගත්තේය. බංග්ලාදේශ ඉනිම පාලනය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකාවේ දෙව්මි විහංගා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3ක් දවා ගත්තද, එය තරගයේ ජයග්‍රහණය වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවීය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැත්වෙන තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව තිබේ.

























