ADB සමඟ 2026–2029 සංවර්ධන සැලසුම් ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ 2026–2029 කාලසීමාවට අදාළ මෙරට සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.​ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්‍රී ලංකාවේ ADB Country Director Shannon Cowlin යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී ADB මගින් ක්‍රියාත්මක මධ්‍යකාලීන සංවර්ධන සහ මූල්‍ය වැඩසටහන් සමාලෝචනය කිරීම මෙන්ම 2027 වසරට අදාළ සැලසුම් පිළිබඳවද අවධානය යොමු කර ඇත.​ADB ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා රජයේ හිමිකාරිත්වය තහවුරු කිරීම, රාජ්‍ය ආයතන හා ADB ක්‍රියාවලි අතර සම්බන්ධීකරණය වඩාත් විධිමත් කිරීම සහ සීමිත සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *