ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වැනි දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. විදෙස්ගතව සිට මෙරටට පැමිණි ඇය, ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පහසුකම් භාවිතා කරමින් දිවයිනට ළඟා වී ඇති බව වාර්තා වේ.මේ අතර, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඇය විසින් ඊයේ (05) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක්ද ගොනු කර ඇත. වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ඇය මෙලෙස යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙම නීතිමය පියවරයන්ට මුහුණ දී සිටී.


























