හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අද (27) පෙර්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. එම කොමිසම මගින් සිදුකරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා තිබිණි.වාර්තා වන ආකාරයට මෙම කැඳවීම සිදුකර ඇත්තේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය පිහිටි ඉඩම් පැවරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන පරීක්ෂණවලට අදාළවය. අදාළ සිදුවීමට සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු උදෑසන කාලයේදීම අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත.එම විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු මන්ත්‍රීවරයා අල්ලස් කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටත්ව ගොස් ඇති අතර, සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.























