සත්ව සුබසාධන පනත් කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ සතුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් නව නීතිමය රාමුවක් සැකසීමේ අරමුණින් සකස් කරන ලද සත්ව සුබසාධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.​මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවක නිර්දේශයන්ට අනුකූලවය. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මෙම අවසන් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිල නිෂ්කාශනය සහ අනුමැතිය ද හිමිව ඇත.​සතුන්ට සිදුකරන විවිධ හිංසන වැළැක්වීම, ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සහ සත්ව අයිතිවාසිකම් සුරැකීම සඳහා වඩාත් දැඩි හා කාලීන විධිවිධාන රැසක් මෙම නව නීති පද්ධතිය හරහා මෙරටට හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *