දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,174ක් ලෙස සටහන් වේ.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළේ, ජූලි මාසයේ මුල් දින 9 තුළ පමණක් රෝගීන් 10,685 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති බවයි. මීට අමතරව ඊයේ (10) දිනය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 1,110 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ.රෝගීන් වාර්තා වීමේ මෙම හදිසි වර්ධනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයකම ධාරිතාව මේ වන විට උපරිම මට්ටමට පැමිණ ඇත. මේ හේතුවෙන් රෝහල් පද්ධතිය තුළ දැඩි තදබදයක් සහ රෝගී සත්කාරක සේවාවලට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.























