සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය රටවල් 12ක සහභාගිත්වයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය මෙහෙයවන “සිලෝන් මාස්ටර්ස්” ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද (24) උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මෙරට ක්‍රීඩා සංචාරක කර්මාන්තයට මෙන්ම ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයට ද නව පණක් දෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසක් එක්ව සිටිති.​ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල් 12ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් මීට සහභාගි වන අතර, මෙය කලාපීය ක්‍රීඩා සංවර්ධනයට ද මහඟු පිටුවහලකි. ජ්‍යෙෂ්ඨ සහ මාස්ටර්ස් මට්ටමේ පසුවන මෙම ක්‍රීඩකයන්ගේ දක්ෂතා හුවමාරු කරගන්නා මෙම ඉසව්ව හරහා, තරගකාරීත්වයට වඩා අන්‍යෝන්‍ය අවබෝධය සහ ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතය.​දින කිහිපයක් පුරා මෙරට බැඩ්මින්ටන් පිටිය උණුසුම් කරන මෙම සුවිශේෂී තරගාවලියේ අවසන් මහා තරග එළැඹෙන ජූනි 28 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙමඟින් ලබන ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉදිරියේදී මෙවැනිම ඉහළ පෙළේ විශාල තරගාවලි රැසක් ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීමට මඟ පෑදෙනු ඇතැයි ක්‍රීඩා විශේෂඥයෝ විශ්වාසය පළ කරති.

What's your reaction?

Related Posts

1 of 1,219

Leave A Reply

Your email address will not be published. Required fields are marked *