O/L සහතික පත්‍ර නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට

2025 (2026) සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර නිකුත් කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත (Online) ක්‍රමවේදයක් ඔස්සේ පමණක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ, සහතික පත්‍ර ලබා ගැනීම සඳහා අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට අවශ්‍ය නොවන බවයි. ඒ අනුව, සහතික පත්‍ර ලබා ගැනීමට දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසත්, https://certificate.doenets.lk/certificate යන නිල වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා මාර්ගගතව අයදුම් කරන ලෙසත් ඇය අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී. මෙම නිවේදනයට අනුව, අයදුම්කරුවන්ට අදාළ වෙබ් අඩවිය හරහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි අතර, එම සහතික පත්‍ර තැපැල් සේවාව මඟින් ඔවුන්ගේ නිවෙස් වෙතම ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *