සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 07 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.​2022 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ලෙස සේවය කරමින් ජනාධිපති වැටුප් ශීර්ෂය යටතේ වැටුපක් ලබා ගැනීම සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් එකවර වැටුප් දෙකක් ලබා ගැනීමේ චෝදනාව මත ඔහුට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,345

Leave A Reply

Your email address will not be published. Required fields are marked *