ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීම, සුනඛයින් ලියාපදිංචි කිරීම සහ ඔවුන්ගේ ගහනය පාලනය කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් මෙම පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කරන ලදී.මෙම නව පනත හරහා සුනඛයින් එන්නත් කිරීම විධිමත් කිරීම, වාණිජමය අරමුණු සඳහා සුනඛ අභිජනනය නියාමනය කිරීම මෙන්ම ජලභීතිකා රෝගය මැඩපැවැත්වීම සඳහා ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීමට නියමිතය. මෙම පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ දැනට පවතින පරණ ආඥාපනත ඉවත් වන අතර, එහි දෙවැනි වර කියවීම සඳහා නියමිත කටයුතු පසුදින සිදු කිරීමට නියමිතව ඇත.



























