සුරේෂ් සලේගේ ලැප්ටොප් මුරපදය වෙනත් ක්‍රමයකින් ලබාගැනීමට සැරසෙයි

පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට අදාළව රජයේ බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති ලැප්ටොප් පරිගණකයේ මුරපදය, වෙනත් විකල්ප මාර්ගයක් හරහා ලබා ගැනීමට කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.​මෙම විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තුවෙන් පිටත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් සහ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට අපේක්ෂා කෙරේ. තවද, ජාතික රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයේ දිගුකාලීනව ප්‍රතිකාර ලබන සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩල වාර්තාවක් ලැබීමට නියමිත අතර, වව්නියාව සන්නද්ධ බුද්ධි බලකායේ සටහන් පොත් 3ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසද නියෝග කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,344

Leave A Reply

Your email address will not be published. Required fields are marked *