සේප්පුවේ යතුර සමඟ පලාගිය වැලිකඩ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරේ

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ගණකාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වැලිකඩ පොලිස් ස්ථානයේ මුදල් සහ මූල්‍ය වාර්තා පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවකදී, එහි මුදල් සේප්පුවේ යතුරද රැගෙන පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. අදාළ නිලධාරියා මෙලෙස මඟහැර ගොස් ඇත්තේ සේප්පුවේ තිබූ මුදල් සම්බන්ධයෙන් විගණන නිලධාරීන් විමර්ශනය කිරීමට සූදානම් වූ මොහොතේදීය.​මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, සැකකාර සැරයන්වරයා සිය රාජකාරිය පැහැර හරිමින් සිතාමතාම මෙලෙස පළාගොස් ඇති බවයි. ඔහු සොයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 1,206

Leave A Reply

Your email address will not be published. Required fields are marked *