සෞඛ්‍ය සේවයේ ක්ෂේත්‍ර 14ක් සඳහා නව පත්වීම් 1,444ක් ප්‍රදානය කෙරේ

රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් සංවර්ධන වැඩසටහන යටතේ, වෘත්තීය කාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර 14ක් සඳහා නව පත්වීම්ලාභීන් 1,444 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අගෝස්තු මස 01 වන දින පෙරවරු 9.00ට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත.​මෙම නව බඳවා ගැනීම් යටතේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය, අර්ධ ශිල්පීය මෙන්ම ශිල්පීය නොවන සේවා කාණ්ඩ නියෝජනය කරමින් වෛද්‍ය සැපයීම් සහකාර, වාට්ටු ලිපිකරු සහ සෞඛ්‍ය රියදුරු වැනි තනතුරු සඳහා වෘත්තිකයින් පිරිසකට ස්ථිර පත්වීම් හිමිවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,262

Leave A Reply

Your email address will not be published. Required fields are marked *