සෞදි අරාබියේ මරණ දණ්ඩනයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ජාතිකයාට සමාවක් ඉල්ලා ACMC සංවිධානයෙන් සෞදි රජු වෙත අභියාචනයක්

සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ජාතික සිවරාස අනෝජ් වෙත සමාවක් ලබා ගැනීම සඳහා සෞදි අරාබියේ සල්මන් බින් අබ්දුල්අසීස් අල් සෞද් රජතුමාගෙන් ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා මක්කාල් කොංග්‍රසය (ACMC) අභියාචනයක් දියත් කර ඇත. මෙම අභියාචනයට සහය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් එකතු කිරීමද එම පක්ෂය විසින් ආරම්භ කර තිබේ. සෞදි අරාබියේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය හරහා සෞදි බලධාරීන් වෙත මෙම මානුෂීය අභියාචනය ගෙන යාම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවට, ජාතික ශූරා සභාවට සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයටද ඔවුන් ලිඛිතව දන්වා ඇත. අනෝජ් සහ ඔහුගේ පවුලේ අය මුහුණ දී සිටින මෙම තත්ත්වය පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බවත්, ඔවුන්ට සහනයක් ලබා ගැනීම සඳහා පවතින සියලුම නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග අනුගමනය කරන බවත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ප්‍රකාශ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,342

Leave A Reply

Your email address will not be published. Required fields are marked *