සෞදි අරාබියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හිමි වූ රුපියල් ලක්ෂ 569ක මුදලක්

සෞදි අරාබියේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 569කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ (13) පිරිනමා තිබේ. කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී දේවප්‍රිය ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මුදල් ප්‍රදානය සිදු කෙරිණි.​අදාළ ශ්‍රමිකයින්ට නියමිත කාලයට නොගෙවූ වැටුප් සහ දීමනා ලෙස සෞදි රියාල් 639,381ක මුදලක් මෙලෙස අයකරගෙන ඇත. මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් 11 දක්වා කාලය තුළ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා කම්කරු සුබසාධන අංශය සිදුකළ නීත්‍යානුකූල මැදිහත්වීම් හරහා මෙම හිමිකම් මුදල් ලබාගැනීමට හැකි වී තිබේ.​එමෙන්ම, විවිධ හේතු මත නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ආරක්ෂිතව මුදාගෙන යළි මෙරටට එවීමටද අදාළ අංශ කටයුතු කර ඇත. අයකරගත් හිමිකම් මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබීමෙන් පසු ඒවා සෘජුවම අදාළ ශ්‍රමිකයින් වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,421

Leave A Reply

Your email address will not be published. Required fields are marked *