හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා නාමය අන්තර්ජාතික මට්ටමින් බැබළවූ රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට සමත්ව ඇත. ලෝකයේ සියලුම මලල ක්‍රීඩකයින් ඇතුළත් පොදු කාණ්ඩයේ 25 වැනි ස්ථානයේ පසුවූ ඔහු, නවතම යාවත්කාලීන කිරීම් සමඟින් 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.මෙම පොදු කාණ්ඩය තුළ ඉහළම ස්ථානය හිමිකරගත් එකම ආසියානු ක්‍රීඩකයා වන්නේද රුමේෂ් තරංග වීම විශේෂත්වයකි. තවදුරටත් හෙල්ල විසිකිරීමේ ලෝකයේ අංක එකේ ක්‍රීඩකයා ලෙස තම ස්ථානය රැකගැනීමට ඔහු සමත් වී ඇති අතර, එහි දෙවැනි ස්ථානය ඇන්ඩර්සන් පීටර්ස්ට සහ තෙවැනි ස්ථානය ජූලියන් වෙබර්ට හිමිව ඇත.



























