හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලට අයත් රුපියල් කෝටි 9 ක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව මෙසේ කැඳවා ඇත.මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වී ඇත්තේ 2007 වර්ෂයේදී අදාළ අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය ගැනය. ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා කොමිෂන් සභාව විසින් අදාළ කරුණු විමසීම් අරඹා තිබේ.



























