හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි

​හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව අද (30) දිනයේ යළි කැඳවීමට නියමිතව තිබේ.​ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී, පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩන් නුවර වෙත ගොස් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා ඇත.​අදාළ නීතිමය කටයුතු සම්බන්ධයෙන් අධිකරණයේදී ඉදිරි පියවර ගැනේ යැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,355

Leave A Reply

Your email address will not be published. Required fields are marked *