හිටපු නගරාධිපති පුත් රිමාන්ඩ්

මුල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ වැඩිමහල් පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, සැප්තැම්බර් 07 වනදා දක්වා රැඳී සිටින ලෙස අධිකරණය නියෝග කළා.මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින්. මුදල් වංචාවකට සම්බන්ධ බවට සැකපළ වන ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.සිද්ධිය සම්බන්ධයෙන් සී.අයි.ඩී. නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනවා.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *