​’බඩෝවිට අසංකගේ’ මෙරට ජාලය මෙහෙයවූ කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට අසංක’ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බවට සැකකෙරෙන ප්‍රධාන කාන්තාවක පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලැබුණු බුද්ධි තොරතුරකට අනුව දෙහිවල, ගල්කිස්ස අබේසේකර පාරේ පිහිටි නිවසක් ඉදිරිපිටදී සිදුකළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගෙන තිබේ.​අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 62 යි මිලිග්‍රෑම් 600 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. දීර්ඝ කාලයක සිට මෙරට තුළ මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති මෙම සැකකාරිය සහ අදාළ හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,403

Leave A Reply

Your email address will not be published. Required fields are marked *