හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා එළඹෙන නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ මොහුව අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට පත් 32 හැවිරිදි මෙම නිලධාරියා හොරණ, බැල්ලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෙම මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි අදාළ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණි.අදාළ සැකකරු අත්අඩංගුවේ සිටියදී සිදුවූ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති අතර, ඊට සම්බන්ධ සසුදුසු නීතිමය පියවර ඉදිරියටත් ගැනීමට නියමිත බව වාර්තා වේ.


























